ශ්‍රී ලංකාවේ වචන 10ක් ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂයට අලුතින් එක්වෙයි

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂය (Oxford English Dictionary) යනු, ලෝකයේ වඩාත් ම පිළිගැනීමට ලක්ව ඇති ශබ්ද කෝෂ අතර ප්‍රමුඛත්වය ගන්නා වචන එකතුවකි.

එය ඉංග්‍රීසි භාෂාවේ පුළුල් හා ඓතිහාසික ශබ්දකෝෂයක් වන අතර ඉංග්‍රීසි භාෂාවේ පරිණාමය පිළිබඳ නිශ්චිත අධිකාරිය ලෙස පිළිගැනේ.

විවිධ මූලාශ්‍රවලින් උපුටා දැක්වීම් මිලියන 2.5ක් මත පදනම්ව, වචන ලක්ෂ 5කට අධික එකතුවක් සමගින්, වචනවල අර්ථය, ඉතිහාසය සහ භාවිතය ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂය ලේඛනගත කරයි.

එහි ශ්‍රී ලංකාවේ භාවිත වන වචන රැසක් ද ඇතුළත් කර ඇති අතර, 2025 ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ භාවිත වන වචන කිහිපයක් ඇතුළත් කර තිබේ.

2025 ජූනි මාසයේදී ශබ්ද කෝෂයට ඇතුළත් කරන ලද වචන 10 මෙසේ ය.

අස්වැද්දුම (asweddumize)

සිංහල භාෂාවේ ‘අස්වැද්දුම’ නමැති වචනය ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයෙහි සඳහන් කර ඇත්තේ, asweddumize යනුවෙනි.

එය අර්ථ දක්වා ඇත්තේ, ‘(පුරන් වූ හෝ භාවිතයට නොගත් ඉඩම්) වගා කිරීම සඳහා, විශේෂයෙන් වී වගා කිරීම සඳහා සූදානම් කිරීම’ යනුවෙනි.

අවුරුදු (avurudu/Awurudu)

ශ්‍රී ලංකාවේ වැදගත් සංස්කෘතික උත්සවයක් ලෙස සැලකෙන ‘අවුරුදු’ යන වචනය ද Avurudu/ Awurudu ලෙස ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට එක් කර තිබේ.

‘වසන්ත ඍතුවේදී සිදුවන සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ පළමු දිනය’ ලෙස එය අර්ථ දක්වා තිබේ.

බයිලා (baila)

‘ශ්‍රී ලංකාවේ ආරම්භ වූ අප්‍රිකානු සහ යුරෝපීය සංගීතයේ බලපෑම් මිශ්‍ර වූ, බොහෝ විට මංගල උත්සව සහ අනෙකුත් උත්සව සමග සම්බන්ධ වන, ජනප්‍රිය සංගීතයේ උච්චතම අවස්ථාවක්’ ලෙස අර්ථ දක්වමින් baila යන වචනය ශබ්ද කෝෂයට ඇතුළත් කර තිබේ.

කිරිබත් (kiribath)

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සමග බැඳී පවතින ‘කිරිබත්’ (Kiribath) යන වචනය ද ජූනි මාසයේදී ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට ඇතුළත් කරන ලද වචන අතර වේ.

‘පොල් කිරිවලින් පිසූ බත්වලින් සාදන ලද ශ්‍රී ලාංකික කෑමක්. එය බ්ලොක් එකක් ලෙස සකසා, සාමාන්‍යයෙන් දියමන්ති හැඩැති කැබලිවලට කපා සාම්ප්‍රදායිකව සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයේදී සහ වෙනත් විශේෂ අවස්ථාවන්හිදී අනුභව කරනු ලැබේ.’ යනුවෙන් එය අර්ථ දක්වා ඇත.

කොත්තු රොටී (kottu roti)

‘රොටී, මස් සහ එළවළු කැබලි, කුළුබඩු සහ හොදි යොදා, තැටියක් මත ක්ලීවර්ස් නමින් ඉංග්‍රීසි බසින් හඳුන්වන කැබලි දෙකකින් මිශ්‍ර කර සකසන ශ්‍රී ලාංකික කෑමක්’ ලෙස එය හඳුන්වා තිබේ.

‘මෙම ආහාරය සාමාන්‍යයෙන් මාර්ග අසල වෙළෙන්දන් විසින් සකස් කරන විට තැටියට පහර දෙන ක්ලීවර්ස්වලින් සුවිශේෂී ශබ්දයක්’ නැගෙන බව ද එහි සඳහන් කර ඇත.

මැල්ලුම් (mallung)

‘මද වශයෙන් පිසින ලද, කුඩා කැබලිවලට කපන ලද (බොහෝ විට කොළ පැහැති) පලා, ගාන ලද පොල්, මිරිස් සහ අනෙකුත් කුළුබඩු සමග මිශ්‍ර කර, සාමාන්‍ය ශ්‍රී ලාංකික ආහාර වේලක කොටසක් ලෙස පිළිගන්වනු ලබන’ ආහාරයක් ලෙස මැල්ලුම් අර්ථ දක්වා තිබේ.

ඔසරි (Osari)

සාම්ප්‍රදායිකව ශ්‍රී ලංකාවේ සිංහල කාන්තාවන් සමග සම්බන්ධ වූ සාරි වර්ගයකි.

‘ඉණ වටා ඔතා, මැද ප්‍රදේශය වටා සුවිශේෂී රැලි සහිත කොටසක් නිර්මාණය කර, ඔසරි පොට වම් උරහිසට උඩින් දැමීමෙන්’ මෙම ඇඳුම සකස් කර ගනී.

මෙය උඩරට සාරිය ලෙස ද හැඳින්වේ.

පපරේ (Papare)

ක්‍රිකට් සහ අනෙකුත් ක්‍රීඩා තරගවලදී තරග නරඹන්නන්ට සංගීතමය ආස්වාදයක් ලබා දීම සඳහා සාමාන්‍යයෙන් වාදනය වන ශ්‍රී ලාංකික සංගීත ප්‍රභේදයකි.

පපරේ සංගීතය සාමාන්‍යයෙන් ට්‍රම්පට්, සැක්සෆෝන්, ට්‍රොම්බෝන්, සයිඩ් ඩ්‍රම් සහ බෙර වාදනයන්ගෙන් සමන්විත වන බව ද එහි සඳහන් කර ඇත.

වලව්ව (Walawwa)

‘මන්දිරයක් හෝ මැනර් නිවසක්; වතුයායක ප්‍රධාන නිවස’ යනුවෙන් ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය වලව්ව හඳුන්වා තිබේ.

වටලප්පම් (Watalappam)

‘ශ්‍රී ලාංකික ආහාරයකි: පොල් කිරි (හෝ සමහර විට උකු කිරි), කජු, බිත්තර, එනසාල් සහ කරාබුනැටි වැනි කුළුබඩුවලින් සාදන ලද කස්ටඩ්, හකුරු සමග පැණි රස කර සාම්ප්‍රදායිකව ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් විසින් රාමසාන් අවසානය සනිටුහන් කරන සැමරුම්වලදී අනුභව කරන’ ආහාරයක් ලෙස වටලප්පන් හඳුන්වා තිබේ.

1956 වසරේ පෙබරවාරි 05 වන දා Sunday Star (Washington, D.C.) පුවත්පතෙහි එම වචනය සඳහන් කර ඇති බව එහි දැක්වේ.

මීට පෙර ඇතුළත් කරන ලද වචන

Aiyo – ‘ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ වැසියන් ක්ෂණික ශෝකය හෝ විමතිය පළ කිරීමට භාවිත කරන ‘අයියෝ’ යන වචනය ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට ඇතුළත් කරන ලද්දේ 2012 සැප්තැම්බර් මාසයේදී ය.

Aiya – වැඩිමහල් සහෝදරයා, ඕනෑ ම වැඩිහිටි පිරිමි ඥාතියෙකු හෝ හඳුනන අයෙකු හඳුන්වයි.

ඊට අමතරව, අම්බලම (ambalama), මුදලාලි (mudalali), පෙරහැර (perahera), පොල් සම්බෝල (pol sambol), පුන්නක්කු (poonac) සහ සිංග්ලිෂ් (Singlish) යන වචන ද එහි ඇතුළත් කර තිබේ.

ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට වචන ඇතුළත් කරන ක්‍රමවේදය කුමක් ද?

‘ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයේ මෙහෙවර වන්නේ, ඕනෑ ම ආකාරයකින් ඉංග්‍රීසි බසට ඇතුළු වන සියලු වචන වාර්තා කර තබා ගැනීම සහ ඒවා අනාවරණය වූ විට එම වචනවල ගොඩ නැගීම ග්‍රහණය කර ගැනීම යි,’ යනුවෙන් ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය පවසයි.

ඊට ඇතුළත් කිරීම සඳහා වචනයක් සලකා බැලීමට නම්, එය පළමුව ශබ්ද කෝෂයේ ‘නිරීක්ෂණ ලැයිස්තුව’ නමැති දත්ත සමූහයට එකතු කළ යුතු ය.

මෙම නැරඹුම් ලැයිස්තුවට අලුත් වචන විශාල සංඛ්‍යාවක් විවිධ මූලාශ්‍රවලින් ලැබේ.

ශබ්ද කෝෂයේ සංස්කාරකවරු සෑම වසරක ම මෙම මූලාශ්‍රවලින් වචන යෝජනා දහස් ගණනක් සලකා බලමින්, ඒ සෑම එකක් ම සමාලෝචනය කරති. ස්ථිර වාර්තා කිරීමක් සඳහා ප්‍රමාණවත් සාක්ෂි රැස් වී නොමැති වචන අඛණ්ඩ අධීක්ෂණය සඳහා නිරීක්ෂණ ලැයිස්තුවේ පවතින අතර, ප්‍රමාණවත් තරම් තිරසර හා පුළුල් භාවිතයක් ඇති වචන සඳහා වන යෝජනා සංස්කාරකවරයෙකුට පවරනු ලැබේ.

සංස්කාරකවරු තමන්ට පවරා ඇති වචනය සඳහා මෙතෙක් රැස් කර ඇති තොරතුරු සමාලෝචනය කිරීම ආරම්භ කරති. ඒ, වචනය වර්ධනය වූ ආකාරය සොයා ගැනීම සඳහා තමන්ගේ ම පර්යේෂණ ආරම්භ කිරීමට පෙර ය.

මෙම පර්යේෂණය මගින් ඔවුන් පුවත්පත් ලේඛනාගාර, මාර්ගගත සංසද, අධ්‍යයන, සඟරා, නීති පත්‍රිකා, වට්ටෝරු පොත් හෝ සමාජ මාධ්‍යවල වචනය පිළිබඳ ප්‍රකාශිත සාක්ෂි සෙවීමට යොමු විය හැකි ය. ඩිජිටල් ප්‍රවේශයෙන් ඔබ්බට පුස්තකාලයක හෝ ලේඛනාගාරයක ප්‍රධාන උදාහරණයක් තිබේ නම්, ලොව පුරා ආයතනවල පදනම් වූ ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයෙහි පර්යේෂකයින්ගේ ජාලයේ සහය ලබා ගැනීමට සංස්කාරකවරුන්ට අවස්ථාව තිබේ.

සංස්කාරකවරයෙකු වචනයේ සවිස්තරාත්මක තොරතුරු එකට එකතු කළ පසු, එය ශබ්ද කෝෂයෙහි වාර්තා කිරීම සඳහා කෙටුම්පත් කිරීම අරඹයි.

ශබ්ද කෝෂයට ඇතුළත් කිරීමට පෙර අවසාන අනුමැතිය සඳහා ශබ්ද කෝෂයේ ප්‍රධානියා සහ නියෝජ්‍ය ප්‍රධාන සංස්කාරකවරුන් ඇතුළත් අවසන් කිරීමේ කණ්ඩායමට භාර දෙනු ලැබේ.

සම්පූර්ණ කරන ලද ඇතුළත් කිරීම් ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයේ කාර්තුමය ඔන්ලයින් යාවත්කාලීන කිරීම් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබ යි.

Oxford Dictionary භාවිතා කිරීමට මෙතැනින් click කරන්න :-

චොප්ස්ටික් යනු (Chopsticks).. 🥢

ලාංකීය ජනතාව අතරින් බොහෝ දෙනා ආහාර අනුභවය සදහා යොදාගන්නේ තම ස්වකීය දෑතය. යුරෝපීය ජාතිකයින් ආහාර අනුභවය සදහා යොදාගන්නේ හැදී සහ ගෑරුප්පුය.
චොප්ස්ටික් යනු නැගෙනහිර ආසියාවේ ජනවර්ග ආහාර අනුභව කිරීම සදහා යොදාගන්නා මෙවලමකි. එහි මුල් භාවිතය චීන ජාතිකයින් වුවද පසු කාලීනව ජපන්, කොරියන්, වියට්නාම් වැනි ජන වර්ගද මෙම චොප්ස්ටික් ආහාර අනුභව කිරීම සදහා භාවිතා කිරිම සුලභව දැකිය හැකිය.
කොරියානු ජාතිකයින් බොහෝ දෙනා වර්තමානයේ භාවිතා කරන්නේ සුදු යකඩින් සාදාගත් චොප්ස්ටික්ය. කෙසෙවුවද චීන ජාතිකයින් අතීතයේ සිට අද දක්වා දෛනික ජීවිතයේ පරිහරණය කරන චොප්ස්ටික් බොහොමයක් නිෂ්පාදනය කර ඇත්තේ උණබට පතුරු වලිනි.
චීන ජාතිකයින් බොහෝ දෙනෙක් උණබට වලින් සදාගත් චොප්ස්ටික් භාවිතා කරන්නේ ඇයි?
චොප්ස්ටික් බට ගසෙන් නිෂ්පාදනය කිරීමට ප්‍රධාන හේතුව වන්නේ ඉතා ඉහල උෂ්ණත්වයක් යටතේ ආහාර පිසීමෙදී චොප්ස්ටික් භාවිතා කරමින් ආහාර මිශ්‍රකරනවිට අතට උෂ්ණත්වයක් (රස්නයක්) නොදැනේ. ආහාර අනුභව කරන විට ද චොප්ස්ටික් වලට උෂ්ණත්වයක් නොදැනේ. මේ නිසාවෙන් අදටත් බොහෝ චීන ජාතිකයින් ආහාර පිසීමෙදී සහ අනුභව කිරීමෙදී බට පතුරු වලින් සදාගන්නා චොප්ස්ටික් භාවිතා කරයි.
තවද විවිධ ජන වර්ග භාවිතා කරන චොප්ස්ටික් අතර දිගෙහි වෙනසන් දැකිය හැකිය. චොප්ස්ටික් කොරියානු භාෂාවෙන් 젓가락 (චොත්ගරාක්) ලෙසද, චීන භාෂාවෙන් 筷子 (Kuàizi) ලෙසද, ජපන් බසින් 箸 (හෂි) ලෙසින් හදුන්වනු ලබයි.

ඔබ දන්නවාද චීන භාෂාවට හෝඩියක් නොමැති බව.

ඔබ දන්නවාද චීන භාෂාවට හෝඩියක් නොමැති බව. චීන භාෂාවට හෝඩියක් නොමැති අතර ඔවුන් ලිවීම සදහා චීන අක්ෂර හෙවත් රූපාක්ෂර භාවිතා කරයි.

මොනවද මේ රූපාක්ෂර,

හොඩියක් භාවිතා වන සෑම භාෂාවකම පවතින්නේ ශබ්ද අක්ෂර වේ. උදාහරණයක් ලෙස සිංහල අක්ෂර සලකමු ‍, (අ) අක්ෂරය ගනිමු, (අ) අක්ෂරයෙන් පමණක් අපට තේරුමක් ගත නොහැයිය. එහි ශබ්දයක් පමණක් පවතින බැවින්. (අ) අක්ෂරය තවත් අක්ෂර හා බැදුන විට අර්ථයක් ගත හැකිය. අ+ම්+මා = අම්මා. ලෙස.
ඉංග්‍රිසි ඉංග්‍රිසි අක්ෂර සලකමු ‍, (M) අක්ෂරය ගනිමු, (M) අක්ෂරයෙන් පමණක් අපට තේරුමක් ගත නොහැයිය. එහි ශබ්දයක් පමණක් පවතින බැවින්. (M) අක්ෂරය තවත් අක්ෂර හා බැදුන විට අර්ථයක් ගත හැකිය. M+o+t+h+r = Mother(අම්මා ) ලෙස. නමුත් චීන භාෂාව එසේ නොවේ එහි අක්ෂරයකින් වචනයක් නිරුපනය කරයි.
උදාහරණ ලෙස
爸 – තාත්තා
妈 – අම්මා
国 – රට / ජාතිය
我 – මම
你 – ඔයා
人 – පුද්ගලයා / මිනිසා
මෙලෙස දැක්විය හැකිය. මෙලෙස චීන අක්ෂර 80,000 පමණ ඇත.

මෙනිසා අපට මෙන් ඔවුන්ට පුද්ගල නාම, ගම් නාම, රටවල නාම ලිවීමට අපහසුය. ඒ සදහා විවිධ උපක්‍රම ඔවුන් භාවිතා කරයි. උදාහරණ ලෙස රටවල නාම ලියන විදිය බලමු

China සිංහලෙන් චීනය ලෙස උච්චාරණය කලද ඹවුන් එය මැද රට යන අරුතින් 中国 (Zhōngguó) ලෙස උච්චාරණය කරයි.
Japan සිංහලෙන් ජපානය ලෙස උච්චාරණය කලද ඹවුන් එය ඉර නිර්මාණය යන අරුතින් 日本 (Rìběn) ලෙස උච්චාරණය කරයි.
America සිංහලෙන් ඇමරිකාව ලෙස උච්චාරණය කලද ඹවුන් එය ලස්සන රට යන අරුතින් 美国 (Měiguó) ලෙස උච්චාරණය කරයි.
England සිංහලෙන්එංගලන්තය ලෙස උච්චාරණය කලද ඹවුන් එය ඉංග්‍රීසි රට යන අරුතින් 英国 (Yīngguó) ලෙස උච්චාරණය කරයි.

මොනවද මේ කන්ජි

මුල්ම යුගයේදී ජපානය තුල ලිවිමේ ක්‍රමයක් පැවතියේ නැති බැවින් 5 වන සියවසේදි චීනයෙන් ගෙන්වන ලද චීන අක්ෂර කන්ජි ලෙස හැඳින්වෙන අතර ජපන් ලේඛන ක්‍රමයේ ප්‍රධාන අංගයක් ලෙස පවතී. ජපානය තුල දසදහසකට වඩා කන්ජි අක්ෂර ඇති නමුත් සාමාන්‍ය භාවිතය තුල කන්ජි අක්ෂර 2000-3000 අතර ප්‍රමාණයක් භාවිතා කරයි. කන්ජි ලිවීම සංකීර්න නිසාත් ජපන් භාෂාවේ සියඵම වචන ලිවීමේ අපහසු තාවයත් නිසා 9 වන සියවසේදී ජපන් ජාතිකයන් කන්ජි අක්ෂර වල සංකීර්ණතාව අඩු කරමින් ඔවුන්ගේම හෝඩියක් නිර්මාණය කලා.

උදා
💡 安 කන්ජි අක්ෂරයේ සංකීර්ණතාව අඩු කර あ (a) අක්ෂරය නිර්මාණය කලා.
💡 以 කන්ජි අක්ෂරයේ සංකීර්ණතාව අඩු කර い (i) අක්ෂරය නිර්මාණය කලා.
💡加 කන්ජි අක්ෂරයේ සංකීර්ණතාව අඩු කර か (ka) අක්ෂරය නිර්මාණය කලා.

නමුත් විවිධ හේතූන් මත 100% ක් ම ජපන් භාෂාවෙන් කන්ජි අක්ෂර ඉවත් කිරිමට නොහැකි වී ඇති අතර ජපන් භාෂාව ඉගෙන ගන්නා නවකයෙකු උවද අනීවාර්යෙන්ම කන්ජි අක්ෂර ඉගෙන ගැනීමට සිදුවේ.

මොනවද මේ හන්ජා

ඈත අතීතයේ කොරියානු භාෂාව ලිවීම සඳහා චීන රූපාක්ෂ හෙවත් “හන්ජා” භාවිතා විය. එහෙත් චීන රූපාක්ෂ ලිවීමේ කාර්යය අධ්‍යාපනය නොලැබූ සාමාන්‍ය මිනිසුන්ට ඉතා අපහසු විය. එබැවින් සාමාන්‍ය මිනිසුන්ටද ඉතා පහසුවෙන් ලිවිය හැකි පරිදි “ක්‍රි.ව. 1418 – 1450 ” අතර රජ කරන ලඳ “ජොසොන් රාජවංශයේ සේජොං රජතුමා ” විසින් කොරියානු අක්ෂර හෝඩිය නිර්මාණය කරන ලදි.

සේජොං රජතුමා

නූතන කොරියානු භාෂාවෙන් කන්ජි අක්ෂර ඉවත් කර ඇති අතර ඉතාමත් සුඵ වශයෙන් හන්ජා අක්ෂර අදටත් කොරියානු භාෂාව තුල භාවිතා වෙි. මේ නිසා කොරියානු භාෂාව ඉගෙන ගන්නා නවකයෙකු කන්ජි අක්ෂර ඉගෙන ගැනීම අනීවාර්ය නැත.

සුෂි 🍱

すし, 寿司, 鮨

කුඩා ලී පෙට්ටියක පතුලේ මාළු කැබලි අතුරලා ඒ මතින් බත් අතුරලා බත් මතට ලෑලි කැබැල්ලක් තියලා තෙරපීමෙන් තමයි ඔෂිසුෂි හදන්නේ.පස්සේ මේවා විවිධ හැඩයන්ට කපා ගන්නවා.මේ නිසා ඔෂිසුෂි වලට තියෙන්නේ “අච්චුවේ දාලා හැදුව” වගේ පෙනුමක්.මේ වර්ගය කන්සායි ප්‍රාන්තයේ සහ විශේෂයෙන්ම ඕසකා නගරයේ ජනප්‍රියයි.ඔෂිසුෂි වල විශේෂත්වය තමයි ඊට යොදා ගන්නා මාළු තම්බලා තිබීම

06)ඉනරිසුෂි

බැදපු ටෝෆු වලින් හදපු කුඩා පැසකට බත් පිරවීමෙන් තමයි ඉනරිසුෂි හදන්නේ.සමහරවිට මේ සදහා ටෝෆු වෙනුවට ඔම්ලට් යොදාගන්නවා.

07)චිරෂිසුෂි

බත් කෝප්පයක් උඩට මාළු සහ එළවළු කැබලි දැමීමෙන් හදන සුෂි වර්ගයක්.සමහර අවස්ථා වල මේ සදහා තම්බපු මාළු යොදාගන්නවා.ඒ ක්‍රමය තෝකියෝ නගරයේ ජනප්‍රියයි.කන්සායි ප්‍රාන්තයේ චිරෂිසුෂි හදන්නේ මාළු සහ එළවළු බත් සමග කලවම් කිරීමෙන්.

08)සකේසුෂි

දකුණු ජපානයේ පිළියෙල කරන සකේ සුෂි හදද්දී විනාකිරි වෙනුවට සකේ භාවිතා කරනවා.ඒ එක්කම මාළු සහ එළවළු වලට අමතරව බිම්මල්,උණ දළු සහ ඔම්ලට් යොදා ගන්නවා.

මීට අමතරව සුෂි සදහා යොදා ගන්නා මාළු හෝ මුහුදු කෑම වර්ගය අනුව විවිධ නම් වලින් සුෂි හැදින්වෙනවා.උදාහරණයකට ඉස්සන්ගෙන් හදන නිගිරි සුෂි අමඑබි සුෂි ලෙසත් හැදින්වේ.

✴️කටගැස්ම…

සුෂි සමග භාවිතා කරන කටගැස්ම වර්ග කීපයක් තිබෙනවා.

01)සෝයා භාවිතා කරලා හදන සෝස් වර්ගයක් වන ෂෝයූ සෝස්.
02)රාබු අල වර්ගයකින් හදන සැර රසකාරකයක් වන වසබි.
03)ලුණු දමා සකස් කල සිහින්ව කැපූ ඉගුරු පෙති හෙවත් ගරි
04)ජපන් තේ හෙවත් ඔචා

මීට අමතරව තවත් එළවළු වර්ගත් කටගැස්ම විදියට භාවිතා කරන්න පුලුවන්.මේවායින් බලාපොරොත්තු වෙන්නේ රස එක් කිරීම, ආහාර ජීරණය පහසු කිරීම සහ විෂ නැසීම.

✴️සුෂි ආහාරයට ගන්නා ආකාරය…

නියම ජපන් අවන්හලක සුෂි කනකොට පිළිපදින්න ඕන පිළිවෙලක් තියෙනවා.ඒවා සුෂි වල රසය නියම ආකාරයට විදගන්න වගේම ඔබේ ආචාරශීලීත්වය විදහා පාන්න උදව්වෙනවා.ජපන්නු තමාගේ සම්ප්‍රදායන් තදින් රකින ජාතියක්.
සුෂි කන්න මේසෙට ඉදගත්තම මුලින්ම ලැබෙන්නේ කටගැස්ම. (ෂෝයූ සෝස් කුඩා දීසියක්,ගරි සහ වසබි)
සුෂි හදනකොට වසබි කොහොමත් එක් කරන නිසා අමුතුවෙන් මේසයේදී වසබි එක්කිරීම අනවශ්‍යයි.ඒත් ඔබ වසබි වල සැරට ප්‍රිය කරනවා නම් වසබි ටිකක් එකතු කරගැනීමේ වැරැද්දක් නෑ.නමුත් හැමවිටම මතක තියාගන්න කෝකියා ඔබට වඩා සුෂි ගැන දන්න බව සහ ඔහු අවශ්‍ය නියම වසබි ප්‍රමාණය දැනටමත් එකතු කර ඇති බව.
බත් වල උෂ්ණත්වය අනුව සුෂි වල රස වෙනස් වෙන නිසා සුෂි මේසය උඩ ගොඩක් වෙලා සීතල වෙන්න දෙන්න හොද නෑ.
සමහර සුෂි වර්ග කන්න ඕනේ අතින්.සමහර වර්ග කෝටු දෙකෙන්.සාමාන්‍යයෙන් නොරි කොලයකින් ඔතලා තියෙන ගුන්කන්, නොරිමකි, තෙමකි වගේ සුෂි වර්ග කන්නේ අතින්.ඒත් ඕනෑම සුෂි වර්ගයක් අතින් කෑවට ප්‍රශ්නයක් නෑ.
සුෂි කන්න කලින් ෂෝයූ සෝස් වල ඉතා මද වශයෙන් ඔබන්න ඕනේ.හැකි සෑම විටම බත් සහ කොටස් සෝස් දීසියේ එබීමෙන් වළකින්න වගබලා ගන්න.නොරිමකි සුෂි වලදී නම් මේකට කරන්න දෙයක් නෑ.බත් සහිත පැත්තක් ඔබන්නම වෙනවා.ඒත් නිගිරිසුෂි වලදී අනිවාර්යයෙන්ම සෝස් වල ඔබන්න ඕනේ මාළු සහිත පැත්ත.
ආදා මාළු (උනගි) වලින් හදන සුෂි ෂෝයූ සෝස් වල ඔබන්නේ නෑ.
ෂෝයූ සෝස් වල එබුවට පස්සේ ගසන්න හොද නෑ.කෙලින්ම සම්පූර්ණ සුෂි කෑල්ලම කටේ දාගන්න ඕනේ.කිසිම හේතුවක් නිසා සුෂි කෑල්ලක් කටවල් දෙකකට කන්නේ නෑ.සුෂි කෑල්ල කටේ දාගද්දී මාළු තියෙන පැත්ත දිවටත්,බත් තියෙන පැත්ත තල්ලටත් එන විදියට කටේ දාගන්න ඕනේ.
වසබි ටිකක් එකතු කරනවා නම්, සුෂි කෑල්ල සෝස් වල ඔබන්න කලින් කෝටුවක ආධාරයෙන් වසබි ටිකක් සුෂි කෑල්ලේ ගාන්න ඕනේ.කිසිම අවස්ථාවක වසබි සෝස් දීසියේ දිය කරන්න හෝ කෝටුවේ ඉතුරු වන වසබි ලෙව කන්න හොද නෑ.ඒ දෙකම ඉතාමත් අවිනීත හැසිරීම්.
සුෂි කෑල්ල කෑවට පස්සේ ඉගුරු කෑල්ලක් කටේ දාගෙන හොදට හපලා කන්න ඔනේ.හැම සුෂි කෑල්ලකටම පස්සේ ඉගුරු කෑල්ලක් කන්න ඕනේ.ඉගුරු කෑල්ල අතින් හෝ කෝටු දෙකෙන් ගන්න පුලුවන්.ඒත් කිසිම අවස්ථාවක ඉගුරු කෑල්ල සුෂි එක්ක එකට කන්නේ නෑ.

නුඹ…

මා දුර්වල වූ දාට
නුඹ මට ශක්තියක් උනා.
මා ගොළු වූ දාට
නුඹ මට කට හඬක් විය.
මා හට ලොව දකින්නට බැරි වූ දාට
නුඹ මට නෙත් දෙකක් විය.
නුඹ…
මා සතු හොඳම දේ දුටු බැවින්
මට යා නොහැකි සෑම තැනකම
නුඹ මා කැඳවාගෙන ගියා.
නුඹ…
මේ සියල්ල දුන්නේ
මා තුල ඇති විශ්වාසය නිසයි.
එබැවින්,
මා සතු සෑම දෙයක්ම
ඔබ විස්වාස කල නිසා
මම ඔබට ආදරය කලෙමි.
ආදරණීය අම්මේ,
සංසාරේ පතමි මම මව් ලෙසට ඔබ මාගේ!

මතක පොතේ පිටු අතරින්, මගේ මතක පොතේ මේ අවසන් පිටුවද?

එදා වගේම අදත්, මගේ මතක පොතේ කවි ලියවුනේ නෑ. ලියන්න පෑන අතට ගත්තත් මගේ හිත මට ලියන්න ඉඩ දුන්නේත් නෑ. අරමුණක් නැති අදහස් ගොඩක් මගේ හිතට එනවා ඒ නිසාම ලිව්වෙත් නෑ.

ඔයාට මතකද අපි මුලින්ම මුණ ගැහුණු දවස, ඒ දවස මගේ ජීවිතේ වෙනසක් කරයි කියලා මන් කවදාවත් හිතුවේ නෑ. ඒත් ඒ සුන්දර දවස මගේ ජීවිතේ වෙනසක් කලා. ඒ ආදරයමයි කියලා කියන්න බැරි උනාට මගේ හදවතට අමුතු හැගීමක් එක් කලා.

එදා ඔයාව මුලින්ම දැකපු වෙලාවේ මට දෙයක් දැනුනා. ඒ මෝඩ කමටද මන්දා? මට සංවේදී හදවතක් තිබුනා. ඒ හදවතට දැනුනා. ඒ එදා ඒත් අද…..
අදත් මම එදා හිටිය තැනමයි. ඒත් ඔයා අද එතන නෑ. ඔයා විතරක් නෙමෙයි මට මාව වත් නෑ.

මායාවක් ගැන හීන දකිනකොට ඒ මායාවෙන් ඇහැරෙනවා මිසක මන් දැන දැනම ඒ හීනෙට ගොඩක් ආදරය කලා. ඔිනම කෙනෙකුට ඔිනම දෙයක් කරන්න පුළුවන්නේ. ඒත් අවංකවම ආදරය කරන්න අමාරුයි කියලා ඔයා මට තේරුම් කරලා දුන්නේ හුගක් කාලෙකට පස්සේ. ඒක තේරුම් ගන්නකොට මන් ගොඩක් ප්‍රමාද වෙලා. හීනෙත් ඉවර වෙලා. ඒ මොනවා උනත් ගොඩක් හිතට දැනුනා.

ජීවිතේ කියන්නේ හැමදාම එකවගේ නෑ කියලා මට තේරුම් යනකොට ජීවිතේ ග‍ඟක් වගේ ගලලා දිය ඇල්ලක් වගේ පහලට කඩාගෙන වැටිලා ගල් පරවල ගැටෙමින් රිදෙමින් තිබුණා. ඒත් ඒ ගැන හිතන්න මට වෙිලාවක් තිබුනේ නෑ. මොකද ඔයා මට හිතන්න දෙයක් ඉතිරි කලා.

ජීවිතේ දරාගන්න බැරි තරම් විදෙව්වාම දැනෙන හැගීම හරියට මෙහෙමයි කියලා කියන්න බෑ. ඒක හරිම පුදුමාකාර නිහඬ බවක්. මුළු ලෝකයම මොහෝතකට නතර උනා වගේ…..
හැමෝම මන් දිහා බලාගෙන ඉන්නවා වගේ මට දැනුනා. මටම කියලා ජීවිතයක් තියෙනවද කියලා මන් මුළු ලෝකෙටම හොරෙන් මගෙන්ම අහලා බැලුවා.
ඔව්…..
තනිකමින් පිරුනු නිදහස් ජීවිතයක්.
තාමත් මන් එහෙම්මමයි. ආරම්භයක් හෝ අවසානයක් නැති සංසාරේ අපි පතාගෙන ආ හැටියට මගේ මතක පොතේ ඔයාගැන නොමැකී සදාකල් පවතීවී. ඒත් මේ ජීවිතය සදාකල් නොමැති බව මේ ටික කියවලා ඉවරවෙනකොට ඔයාට තේරේවී. ඒ මන් මෙතනින් නැවතුනු නිසා…..
නැවත හමුවෙමු
මතු යම් සසරක වෙන්වී නොයන්නට මේ ලෙසින්.
ඔයාට තෙරුවන් සරණයි!

Design a site like this with WordPress.com
Get started